Sunday, December 23, 2018

ජයග්‍රහණයේ ස්ථම්භය

ජයග්‍රහණයේ ස්ථම්භය
Source - facebook.com, gamefishingindia.blogspot.com
Source – facebook.com, gamefishingindia.blogspot.com
ලංකාවේ ඇති ප්‍රධානතම ලෝක යුද ස්මාරකය වන මෙය දැන් පිහිටා ඇත්තේ කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ කොළඹ මහජන පුස්තකාලය අසලය. මෙහි රෝම ඉලක්කම්වලින් 1914 – 1919 (පළමු ලෝක යුද්ධ සමය) සහ එම යුද්ධයේදී මියගිය භටයින් 440 කගේ නම් සටහන් කර තියේ.
විහාර මහා දේවී උද්‍යනයේ ඇති මෙම යුද ස්මාරක කුලුන මුලින් පිහිටුවා තිබුණේ කොළඹ ගාලුමුවදොරයි. 1939 දී ඇරඹි දෙවැනි ලෝක මහා සංග්‍රාමය පවතින අවස්ථාවේදී හමුදා කඳවුරු ආසන්නව ගාලුමුවදොර පිටියේ තිබූ මෙම උස් කුලුන නිසා සතුරු ජපන් හමුදාවට පහසුවෙන්ම ඉලක්කය සොයා ගැනීමට හැකි බව සිතු නිසා වෙනත් ස්ථානයක තැන්පත් කරලා තියෙනවා. යුද්ධය අවසාන වූ පසුව කොළඹ වික්ටෝරියා උද්‍යානයේ (වර්තමාන විහාර මහා දේවී උද්‍යානයේ) මෙම යුධ ස්මාරකය නැවත පිහිටුවණු ලැබුවා. වර්තමානයේදී  සෑම වසරකම නොවැම්බර් මස දෙවන ඉරිදා දින මෙම ස්මාරකය අසල පොපි මල් දිනය සමරනු ලබනවා.
උපුටා ගැනීම - http://www.aniwa.lk

No comments:

Post a Comment