Monday, December 6, 2021

ගිණි සිසිළ

 රාජ්‍ය සාහිත්‍ය සම්මානය - 1959

කෘතිය         - ගිණි සිසිළ
කර්තෘ         - පියසේන නිශ්ශංක
ප්‍රකාශනය    - ඇම්. ඩී ගුණසේන සමාගම


මෙරට රාජ්‍ය අනුග්‍රහයෙන් පළමු වරට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් පැවැත්වූයේ 1959 වසරේදීය. 
ලේඛකයෙකු ලබන්නා වූ උසස්ම සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානයයි. පළමු සම්මාන උළෙලේ දී  ස්වතන්ත්‍ර සිංහල නවකතාව සඳහා සම්මානයට පාත්‍ර වූයේ පියසේන නිශ්ශංක මහතායි. ඒ ඔහුගේ ගිණි සිසිළ කෘතිය වෙනුවෙනි.


පියසේන නිශ්ශංක


පත්තර මහගෙදර ලොකු සර් පියසේන නිශ්ශංක


වෛද්යවරයකු වීමේ සිහිනය සැබෑ කරගනු පිණිස කල්කටාව බලා පිටත් ව ගිය පියසේන නිශ්ශංක නම් තරුණයා ටික කලකට පසුව නතරවූයේ ලේක්හවුසියේ පියගැට පෙළ මුදුණේ ය. ඒ හරි අපූරු කතාවකි. කල්කටාවේ සිටින නිශ්ශංකයන්ට සිය පියා අසාධ්ය ව සිටින බවට පුවතක් ලැබෙයි. ආරංචිය ලද සැණින් ඔහු ගම රට බලා පිටත් වේ. නමුත් ඔහු ගම්පියසට පිවිසෙන විටත් පියාණන් මිහිදන්කර හමාරය.


ඒ නවසිය පහළොවේ මුස්ලිම් කලබලය හටගත් සමය විය. ඇඳිරි නීතිය ද පනවා ගමනා ගමන කටයුතු ද ඇණහිට තිබුණෙන් නිශ්ශංක කොළඹ මිතුරකුගේ නිවසකට වී කල්ගත කළේ ය. මේ වනවිට පියසේන නිශ්ශංක මිතුරු සමාජයේ ප්රකට ව සිටියේ, ‘ඩොක්ටර්’ නමිනි. ටික දවසක් කොළඹට වී සිටි මේ ‘ඩොක්ටර්’ කල්කටා ගමන තවත් පමාවන ලකුණු දැක ආපසු ගම ගියේ ය.

කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා නිශ්ශංකයන්ගේ ගජ මිතුරෙකි. ලේක්හවුසියට භාෂා පරිවර්තකයන් බඳවාගනු පිණිස දැන්වීමක් පළකර තිබෙනු ඔහු දකියි. ඔහුට එක්වර ම සිහිපත් වන්නේ ‘ඩොක්ටර්’ ය. භාෂා ගණනාවක හසල දැනුමක් ඇති තම මිතුරාට මෙය කදිම රාජකාරියකැයි ජේ.ඩී. කල්පනා කරයි. ඔහු වහා හමුවන ලෙස දන්වා නිශ්ශංකට විදුලි පුවතක් යවයි. නමුත් නිශ්ශංක නිහඬ ය.

විදුලි පුවත ඔහුට ලැබී නැති සෙයකි. ජේ.ඩී. උපායේ සූරයෙකි. ඔහු නිශ්ශංකයන්ගේ අත්සන හොරට ගසා ඉල්ලුම්පතක් තැපැල් කළේ ය. සම්මුඛ පරීක්ෂණයට කැඳවුම් ලිපිය ලැබෙන විට නිශ්ශංක යළි කොළඹ ය. ඔහු පරීක්ෂණයට පෙනී සිටියේ ය. අවසන් වටයට ඔහු සමඟ තේරුණේ ලෙහෙසි පහසු තැනැත්තෙක් නොවේ. හේ මාර්ටින් වික්රමසිංහ ය. දෙදෙනා අතරින් ඩී.ආර්. විජේවර්ධන මහතාගේ හිතගියේ නිශ්ශංකයන්ට ය. පියසේන නිශ්ශංකගේ පුවත්පත් කලාවට ලේඛන ජීවිතයට මුල පිරුණේ ඒ අයුරෙනි.

ලේක් හවුසියේදී ඔහු ඉක්මනට ම ‘ලොකු සර්’ බවට පත් විය. කලිසම් කබා ඇඳ ටයි පටි පළඳින අංග සම්පූර්ණ වෘත්තිකයෙක් විය. ඇඳුම් පැළඳුම් පමණක් නොව කෑම බීම කතාබහ මේ සියල්ල සිදු කෙරුණේ ආයතනයටත් වෘත්තියේ ගරුත්වයටත් ගැළැපෙන අයුරිනි.

හුදු ප්රවෘත්ති වාර්තාවලට අමතරව පාඨකයාගේ බුද්ධිමය නිම්වළලු පුළුල් කරන සතිඅන්ත පත්තරයක් ඇරඹීමේ සිතක් ඩී.ආර්. විජේවර්ධනයන්ට පහළ වූයේ ය. ‘සිළුමිණ’ උපත ලද්දේ එලෙසිනි. ඒ අලුත් වැඩේට සුදුස්සා ලෙස විජේවර්ධන මැතිඳුන්ගේ සිතේ ඇඳුණේ නිශ්ශංකයන්ගේ රුව ය. නිශ්ශංක සූරීන්ගේ අත් ගුණයෙන් පෝෂණය වූ සිළුමිණ කෙටි කලකින් ම සත දහයේ සරසවිය යන විරුදාවලියෙන් පිදුම් ලැබී ය.

සිංහල ඉංගීරසි භාෂා ද්වියට අමතර ව පාලි හා සංස්කෘත පිළිබඳව ද ඔහු තුළ වූයේ අසමාන දැනීමකි. එමතු ද නොව සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ලද මනා හික්මීමක් ද ඔහු සතු විය.

සිළුමිණේ එක් තීරු ලිපියක ඔහුගේ ආරූඪ නම ‘සීයා’ ය. නිදහස් සටනට පණ පොවන ලිපි ලියැවුණේ ‘බාසුරු’ නමිනි. පියසේන නිශ්ශංකයන්ගේ සිතුම් පැතුම්වලට පණ පෙවූ සෙසු ආරූඪ නම් අතර ‘දශරථ’, ‘පැරකුම්’, ‘පිටිසරයා’ හා ‘සේන’ ආදිය ද වේ.

නවසිය තිස් පහේදි නිශ්ශංකයෝ සිළුමිණෙන් සමුගෙන දිනමිණේ ‘ලොකු සර්’ බවට පත් විය. එහෙත් පුවත්පත් කලාවෙන් පමණක් ඔහු සෑහීමකට පත්වූයේ නැත. ඔහු නිර්මාණ සාහිත්යයට ද අත ගැසුවේ ය. ජනකතා සාහිත්යයෙන් පොහොසත්වුණු ප්රබන්ධ කලාවක් ඔහු සතුවිණි. ගැමියාගේ අහිංසකකමට අනුකම්පා කළ එතුමා, ඒ අතර ම ඔවුන්ගේ අමනකම්වලට බැට දුන්නේ ය.

නිශ්ශංක සූරීන්ගේ ප්රථම ප්රබන්ධ කෘතිය වූයේ ‘වදුල’ නවකතාවය. ඒ කාලයේ හැටියට එය අමුතු පන්නයේ කතා පොතක් විය. හොඳ පාඨක ප්රතිචාරයක් ද ඊට ලැබිණි. ගැමි ජීවන පරිසරය සිතුවම් කෙරුණ කෘතියක් වශයෙන් මෙය පාසල් කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කෙරිණි.

වදුලට ලැබුණු පාඨක – විචාරක ප්රතිචාරවලින් ප්රබෝධවත් වූ නිශ්ශංකයෝ ඉනික්බිති තවත් නවකතා කිහිපයක් ම රචනා කළෝ ය. එම කෘති අතරින් ‘ගිනිසිසිල’ ප්රබන්ධය සාහිත්ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. ගැමි ජනකතා එකතුවක් ලෙස හැඳින්වෙන ‘හීන් හාමිනේ’ නම් කෘතිය හොඳ පැරණි ජනකවියකුගේ කවිත්වය විදහා පාන්නකැයි මාර්ටින් වික්රමසිංහ සූරීහු වරෙක සඳහන් කළෝ ය.

එක ම පුවත්පත් ආයතනයක දිගු ම කලක් රාජකාරි කටයුතු කළ අදීන පුවත්පත් කලාවේදියා කවුරුන්දැයි සොයා බලන්නකුට බොහෝවිට ලැබිය හැකි පිළිතුර පියසේන නිශ්ශංක විය හැකිය. මන්දයත් ලේක්හවුසියේ ඔහුගේ සේවා කාලය අඩසිය වසක් ද ඉක්මවන බැවිනි.

තවදුරටත් එතුමාගේ පත්තර ජීවිතයේ සැඟවුණු තතු සොයන්නකුට සහෝදර කතු මඩුල්ල පමණක් නොව සිය ගණනක් වූ අවශේෂ කාර්ය මණ්ඩලය අතර ද පියසේන නිශ්ශංක නාමය දැඩි හෘදයාංගම ආමන්ත්රණයක් වූ සැටි අසා දැන ගැනීමට හැකිවනු ඇත. රාජකාරි කටයුතුවලදී ටයිකෝට් පැළඳගෙන සිටිය ද ඇතුළතින් ඔහු අල්පේච්ඡ ගැමියා ම විය. නොයෙක් උපකාර පතා මේ ‘ලොකු සර්’ වෙත ආ කවර තරාතිරමේ හෝ සේවකයකු ආපසු හිස් අතින් ගියේ නැත. පැතූ උපකාරය ඇතැම් විට මිල මුදලින් විය හැකි ය. නොඑසේ නම් රාජකාරි ගැටලුවක් හෝ වෙනත් පෞද්ගලික පැනයක් විය හැකි ය. ඔහු ඒ සියල්ල සිය ශක්ති පමණින් ඉටු කර දුන්නේ ය.

ලේක් හවුසියේ පත්තර රැසක ආරම්භක කතුවරයා බවට පත්වෙමින් ද පියසේන නිශ්ශංකයන් වාර්තාවක් පිහිටුවා ඇතැයි තතු දන්නෝ පවසති. සිළුමිණ, සුබසෙත හා බුදුසරණ ඒවා අතරින් ප්රමුඛ වේ. විශ්රාම ගන්නා විට ඔහු පසුවූයේ ‘දිනමිණ’ කතුවර අසුණේ ය. ඉනික්බිති එතුමාණෝ උපදේශක කතු පදවියකින් පිදුම් ලැබූහ. ආයතනික වශයෙන් ඉසිලූ මේ තානාන්තරවලට අමතර ව ඔහු මිය යන තුරාවට ම ලංකා පත්ර කලා සංගමයේ සභාපති ධුරය හෙබවීය.

සිය දිවි ගමනේ අටවන දශකය පියමන් කරද්දීත් පියසේන නිශ්ශංකයන්ගේ මුහුණේ නිබඳ දක්නට ලැබුණු නිරහංකාර සිනහව එයාකාරයෙන් ම රැඳී තිබුණේ ය. ගමේදී ‘ගමරාළත්’ නගරයේදී ‘ලොකු සර්රුත්’ වූ මේ මහ කළු සිංහලයා සමකාලීන මිතුරන් අතර තවත් විසිතුරු නාමයන් රැසකින් බුහුමන් ලැබුවෙක් විය.

පත්තර කලාවේදී සේම නිර්මාණ සාහිත්ය ක්ෂේත්රයේදී ද නිශ්ශංකයන්ගේ අග්රගණ්ය සගයා වන මාර්ටින් වික්රමසිංහ සූරීන් ඔහු හැඳින්වූයේ ‘ජනපිරය පත්තරකාරයා හා ජන කතාකාරයා’ ලෙසිනි. ඇල්බට් වැලිවිට ලේඛකයාට අනුව නිශ්ශංක ‘ගැමි හද දුටු ගත්කරුවකු’ විය. පසු කලෙක ඩී.එෆ්. කාරියකරවන නම් ජ්යෙෂ්ඨ මාධ්යවේදියාණන් විසින් පියසේන නිශ්ශංක හඳුන්වා දෙනු ලැබුවේ ‘සත දහයට විශ්ව විද්යාලයක් දුන් පත්තරකාරයා’ හැටියට ය.

වතගොත

නම - පියසේන නිශ්ශංක
උපන්දිනය - 1890 සැප්තැම්බර් 25
උපන් ගම - කොස් කඳවල (සියනෑ කෝරළය - ගම්පහ දිස්ත්රික්කය)
පියා - දොන් පීරිස් නිශ්ශංක
මව - දෝන එලීනා වැලිවිට හාමිනේ
ලග්නය - සිංහ

පාසල් අධ්යාපනය -

1. උඩුතුත්තිරිපිටිය පිරිමි පාසල.
2. උඩුගම්පොළ ද්විභාෂා පාඨශාලාව.
3. කොළඹ ආනන්ද විද්යාලය.
4. කොළඹ වෛද්ය විද්යාලය.
5. කල්කටාවේ බල්ගේෂියා වෛද්ය විද්යාලය.
(වෛද්ය අධ්යාපනය අතරමඟ නතර කර දමා පුවත්පත් කලාවට අවතීර්ණ විය.)

වෘත්තීය ජීවිතය -


* භාෂා පරිවර්තක (ලේක් හවුසිය)
* කර්තෘ මණ්ඩලීය සාමාජික ‘දිනමිණ’
* ප්‍රධාන කර්තෘ ‘සිළුමිණ’ (1930)
ප්‍රධා කර්තෘ ‘දිනමිණ’ (1935)
* ආරම්භක කර්තෘ ‘සුබසෙත’ බුදුසරණ.
* උපදේශක කර්තෘ (ලේක් හවුසිය)

ගුරු තනතුරු - ගරු සභාපති, ලංකා පත්ර කලා සංගමය.

බිරිඳ - ජේ.ඒ. ද සේරම්
දරුවන් - චන්ද්රා පී. නිශ්ශංක

පළ කළ කෘති -

* වදුල
* හීන් හාමිනේ
* ගිනි සිසිල (රාජ්ය සාහිත්ය සම්මානයට පාත්ර විය)
* ඔයබඩ ගෙදර
* දිවමල්
* දිවසළු

මෙලොවින් සමුගත් දිනය - 1970 ඔක්තෝබර් 11

උපුටා ගැනීම - සිසිර විජේසිංහ නිර්මාණයකි (https://www.facebook.com/sisira.wijesinghe)

 

"ගිනි සිසිල" 

 මේ පොතේ බොහොම රසවත් කතා විසිඅටක් අඩංගු වී ඇත.  මේ කතාවලින් මීට ශතවර්ෂයකට පමණ පෙර ලංකාවේ ජන ජීවිතය කෙසේ වීදැයි කියවන්නාට පැහැදිලි වෙ.  එකල ලංකාවේ ගැමි හා නාගරික ජීවිතය, මිනිසුන්ගේ ගති පැවතුම්, කතා බහ, ඇඳුම් පැළඳුම්, සිරිත් විරිත්, කෑම බීම ආදිය බොහොම රහට විස්තර කැරෙන කතා ටිකකි.   එතුමාගේ වෙනත් පොත්වල නැවත මුද්‍රණ තිබුණත් මේ පොත නැවත මුද්‍රණය වී ඇති බවක් දැනගන්නට නැත.   දැන් අපි මේ පොතේ එන 12 වෙනි කථාව කියවමු.


අනේ ! වෙච්ච දෙයක්.


ස්වකීය මව රැකබලාගැනීමට සිටියේ ජුවන් පමණය.  පියා ජීවත්ව සිටියදී මොන වැඩක් හරි කරලා පවුලට කන්ට දුන්නමුත් බරපතල රෝගයක් සැදී ඔහු මියගිය තැන් පටන් අම්මා රැකබලා ගන්ට සිදුවුණේ ජුවන්ටය.
මව රකින මේ ව්‍යාපාරයේදී ජුවන්ට හොරකම් කරන්ටද සිදුවිය.  නොවළල්ලෙන් පොල්ගස් යන්ට සමතෙකු වූ ඔහු වැඩියක් කළේ පොල් හොරකමය.  ජුවන් පමණක් නොව තවත් පොල් හොරු එකල ගමේ සිටියාහ.  නමුත් නියර මිටි තැනින් වතුර යන්නාක් මෙන් ගමේ ප්‍රධානයෙකුගේ වත්තක පොල් හොරකමක් ජුවන් පිටින් ගියේය.  ඒ පොල් හොරකම ගැන ජුවන්ට විරුද්ධව ගම්සභා උසාවියේ නඩු වැටුණි.  නඩුවට භයවූ ජුවන් ගමෙන් පැනගියේය.  ටික දවසකින් ඔහුගේ අම්මාත් නැතිවිය.  ඔවුන් ආගිය අතක් ගමේ කිසිවෙකුටවත් දැනගන්ට නොලැබිණ.  නමුත් අවුරුදු කීපයකට පසු ජුවන් මට හමුවිය.
එකල ඔහු හැදුණු වැඩුණු වයසේ ගැටයෙකි.  මට හමුවුණ දා ඔහු ටවුන් එකේ තාලෙට සරමක් ඇඳ මේස් බැනියමක් ඇඟලා කර වටා පට ලේන්සුවක් බැඳ කොණ්ඩේ කපා ජැක් පීරලා කයිමන් දොරකඩ ගැටයෙකු වගේ සිටියේය.
මා ජුවන් ඇඳිනගත්තේ මට කථාකොට වංහුං කීමෙන් පසුය.  ඒ මා හෙනරත්ගොඩ( දැන් ගම්පහ)අපේ මාමා කෙනෙකුගේ ගෙදර නැවතී ඉගෙන ගන්ට ඉස්කෝලේ යන කාලයයි.  අපේ මාමා ගුරුවරයකු නිසා වැඩිය හොඳින් ඉගෙන ගන්ට තාත්තා මා ඒ ගෙදර නැවැත්වීය.  ජුවන් මට හමුවුණේ එහිදී ඉස්කෝලේ ගිහින් එන අතර මගදීය.
" කොහොමද? පොඩි උන්නැහේ " යි ජුවන් මට කතා කළේය.
ඒ කාලේ මට ගෙදරට කියන්නේ පොඩි උන්නැහේ කියලාය.  එක පාරටම අඳුනාගන්ට බැරිව මම ජුවන්ගේ මුහුණ දෙස බැලුවෙමි.  " ඇයි අඳුනන්ට බැරිදැ "යි ඔහු වංහුං කියා තෙමේම මට හඳුන්වා දුන්නේය.
ජුවන් හොඳහිත ඇති කොළුවකු බව මම ගමේදීත් දැන සිටියෙමි.  ජුවන්ගෙ තාත්තාත් හොඳ හිතඇති මිනිහෙකැයි ඒ කාලයේ දී අපේ තාත්තා කියනවා මට ඇසී තිබේ.
නමුත් දැන් ජුවන් ඒ පරණ ජුවන්ට වඩා බොහෝ වෙනස්ය.  මම ඔහුගෙන් ඉන්න තැන විචාළෙමි.
" පොලීසියෙ ලොකු මහත්තයගෙ බෝයි " යි ඔහු කීය.
" කෝ අම්මා "
" ඒ බංගලාවේම කුස්සි අම්මා "
" එහෙනම් දැන් ජුවන්ලට සරු ඇති " යි මම කීමි.
" ඔව්, අපිත් ඔහෙ ඉන්නවා " යි කී ඔහු පොඩි උන්නැහේ දැන් කීයෙදැයි මගෙන් ඇසීය.
" හයේ " මම කීවෙමි.
" අපොයි, තවම හයේදැ" යි ජුවන් මට කවටකම් කරන්ට විය.
" ඔච්චර කල් ඉස්කෝලෙ ගියානම් මම නම් මෙලහකට අද්වකත් විභාගයත් පාස් කරලා "
කිව්වාම මොකද, ජුවන්ගේ ඒ කථාවට මට ලජ්ජා සිතී නිහඬව ඉන්නා විට ඔහු මා ඉන්න තැන ඇසීය.  මම ඉන්න තැන කීවෙමි.
" යමු, මාත් එනවා ඉන්න තැන බලා ගන්ට " යි කියමින් මා සමග ජුවන්ද ගියේය.  යන ගමන් ඔහු කඩයකට ගොඩවී සිගරැට් එකක් පත්තුකරගෙන මට සීනිබෝල ගෙනත් දුන්නේය.
ඉස්කෝලේ සිට අපේ මාමා තවමත් ගෙදර ඇවිත් නැත.  නාන්ටද කොහෙද ගිහින් නැන්දත් ගෙදර සිටියේ නැත.  සිටියේ ජේන් පමණයි.  මම ජුවන් සමග ගෙට ගොඩවීමි.  වෙනදා ඉස්කෝලේ ගිහින් ආ හැටියේම මම දුවන්නේ බත් පංගුව ළඟටයි.  නමුත් මෙදින ජුවන් නිසා මට ටිකක් බලා ඉන්ට සිදුවිය.  ජුවන් සිටින බවක් ජේන් දන්නේ නැත.  මගේ ප්‍රමාදය දැක " පොඩි උන්නැහේට අද බත් එපා වෙලාදැ" යි කුස්සිය පැත්තේ සිටි ඈ එළියට ආවාය.
ජේන් හොඳ හැඩහුරුකම් ඇති ගෙදරක ඉන්ට හොඳ සිරියාවන්ත ලමිස්සියකි.  ඈ බොහෝ කරුණාවන්තය.  කෙනෙකුට කතා කරපුවාම බඩ පිරෙනවාය.  ගෙදර සියලුම වැඩ කෙරෙන්නේ ඈ අතින් වුවත් ගෙදර නැන්ද මාමා ඇතුළු අප සියලු දෙනාම ඈට සලකන්නේ වැඩ කාරියක හැටියට නොවෙයි.  ගෙදරම කෙනෙකු හැටියටය.
ඉහත කී ලෙස එළියට ආ ජේන් ජුවන් දැක දොර ළඟ නැවතුණේ මොන කාරණයක් නිසාදැයි මම නොදනිමි.  ඒ ගැන විවරණ කිරීම චින්තකයන්ට භාරය.  නමුත් ඈ අසාගෙන ආ ප්‍රශ්නයට " ජුවන් ගියාම මම කනවා " යි මම උත්තර දුනිමි.
" ගිහින් කාල එන්ඩ, මම එතකල් ඉඤ්ඤම් " යි ජුවන් කීය.
" ජුවන්ට බඩගිනි නැද්ද? " මම ඇසුවෙමි.
" මෙච්චර වෙලා අපි ඉන්නෙ නෑ, දැන් අපි කාල හුඟක් වෙලා " යි ඔහු කීය.
" ඔයා ගිහින් කෑම කන්ඩ, මම එයාට තේවතුර කෝප්පයක් දෙන්නම් " යි ජේන් කීය.
මම බත් කෑමට ගියෙමි.  ජේන් තේවතුර වක්කරන්ඩ ගියාය.  තේවතුර කෝප්පයක් වක්කර ගත් ජේන් ඒකට සීනි දමන්ට මා කෑම කකා සිටි මේසය ලඟට ඇවිත් " කවුද ඒ යාළුවා " යි ඇසීය.
" ජුවන් " මම කීවෙමි.
" මහ අමාරු කාරයෙක් වගෙයි " ජේන් කීවාය.
" නැහැ, ජුවන් හොඳ මිනිහා " යි මම කීවෙමි.
ජේන් තේ කෝප්පෙට දැම්මේ සීනි විතරක් නොවෙයි.  වැනිලා ස්ප්‍රීතු බින්දුවකුත් දමා රස බලා ඈ එය ගෙනගියේ කොණ්ඩය හේමත් හදාගෙන ටිකක් සැරසිලාය.  ඈ තේ කෝප්පය ජුවන් අතට දී මා සිටි තැනට ඇවිත් තව වරක් ඒ කවුදැයි ඇසුවාය.
" ඇයි සැරයක් කිව්වා ඇහුණේ නැද්ද? එයා ජුවන් ! යි මම තරහෙන් මෙසේ කීමී.
අපේ මාමා හා නැන්දා එනතුරුත් බලා සිට ජුවන් උන්දලා එක්කත් කතා කර කර ඉඳලා යන්ට ගියේය.
පසුදා ඉස්කෝලේ ගොස් එනවිටද ජුවන් මට සම්බවිය.  ඒ ජුවන් මා සම්බවන්ටම ආ ගමනකි.  ඔහු ජේන් ගැන මතක් කළේය.
" ජේන් බොහොම හොඳ කෙනෙක් " මම කීවෙමි.
" ඔව්, මටත් තේරෙනවා" යි කී ජුවන් " මෙන්න මේක ජේන්ඩ දෙන්ට " යි මට පොතක් දුන්නේය.
"පොත මොකක්දැ "යි මම ඇසුවෙමි.
"ඕක මගේ සේවින්ස් බැංකු පොත, ඒක මම ජේන්ඩ දෙනවා" යි ඔහු කීය.
" ඒ මොකටදැ" යි මම ඇසුවෙමි.
" ජේන් හොඳ එක්කෙනා, එයාට මම කැමතියි.  ඒක නිසා මම එයාට ඒක දෙනවා, ඕකෙ පවුන් දෙසියයක් තියෙනවා"
මට කාරණය ටිකක් තේරී " ජේන් මහ වසයි" කීවෙමි.
" ඒකට කමක් නැහැ, ඕක දෙන්ඩ"
" උඹට අම්ම බනින්නේ නැද්ද?"
" ඒක මම බලාගන්නම්, ඕක ජේන්ඩ දෙන්ඩ"
" කොයින්ද උඹට මේතරම් සල්ලි" යි ඊළඟට මම ඇසුවෙමි.
" මට එහෙන් මෙහෙන් සම්බ වෙන ඒවා " යි ඔහු කීය.
" ඊයේත් මට රුපියල් විසිපහක් සම්බ වුණා.  ඊයේ පොලිසියෙන් ගියා කුකුල් කෙළියක් අල්ලන්ඩ.  ගිහින් එනකොට කුකුළන් පස්දෙනෙකුත් අහුවෙලා ගෙනාවා.  තිස් පොරක් දිනාපු අලගිරියගෙ හොඳ නම් දරාපු පුල්ලියත් එකෙක්.  වෙන කුකුලෙක් ගෙනත් දීල ඌ අරන් දුන්නොත් රුපියල් විසිපහක් දෙනවායි මට කෙනෙක් කිවුවා.  මම ඒ කුකුළ තියල අර කුකුළ අරන් දීල රුපියල් විසිපහ ගත්තා."
" මහ හොර වැඩක් නේද කරලා තියෙන්නෙ" යි මම කීවෙමි.
" කොහොමද? හොර වැඩක් වෙන්නෙ, කුකුළට කුකුළ ඉන්නෙ" යි ඔහු කීය.
" ජේන් අක්කා නම් ඕවාට කැමති වෙන්නේ නැහැ.  එයා හරි කෙළින් ගෑනි" යි කී මම ජුවන් දුන් පොත ගෙදර ගෙනගොස් " ජුවන් දුන්නා" යි මම ජේන්ට දුනිමි.
ජේන් එය ගත්තේ " හොඳයිකෝ? මේවායි කරන වැඩ. මම මහත්තයට කියල ඉල්ලල දෙන්නම්කො" කියමිනි.  නොකැමැත්තෙන් මෙන් වුවත් පසුව ජුවන් ගැන ඇසු තොරතුරු වලත් ඇගේ යටි හිතේ අකැමැත්තක් නැතිබව මට තේරිණ.
මේ පටන් ගැන්මයි.  පසුව මට ජුවන්ගේ පණිවුඩ ජේන්ටත් ජේන්ගේ පණිවුඩ ජුවන්ටත් ගෙන එන්ට සිදුවිය.  පසුව ඒ පණිවුඩ ලියුම් විය.  ඊළඟට ලියුම් සමග තෑගීබෝගත් විය.
අන්තිමට මේ හාදකම හොඳින්ම වැඩි දියුණුවී විවාහ යෝජනාවද කාගේත් කැමැත්තෙන් ස්ථිරවී තිබෙන අතරතුර ජේන්ට උණසන්නිපාත රෝගය වැළඳුණේය.
පුළුවන් තරම් දඟ දමා එවකට සිටි දක්ෂම වෙදවරුන් ලවා වෙදකම් කරවූ නමුත් රෝගය තදින්ම උත්සන්න විය.  ගෙදර වෙදකම් කර බැරිතැන අන්තිමට ජුවන්ගේ ඕනෑකම පිට කොළඹ මහ ස්ප්‍රිතාලයටද ගෙනගිය නමුත් එයින්ද කිසි පිළිසරණක් නොලැබ ඇගේ අන්තිම මොහොත ලඟාවිය.
එදා රෑ මමත් ජුවනුත් ඇඳ ළඟය.  ඈ මා ලඟට කැඳවා සෙමින් අත ඔසවා මගේ ඔලුව අතගෑවාය.  ඊළඟට ඈ ජුවන් ළඟට කැඳවා කනට කර සිහින් හඬින් මොනවාදෝ කීවාය.  ඒ කීදේ මට ඇසුණේ නැත.  ජුවන්ගෙන් ඇසු නමුත් ඔහු මටවත් ඒ කීදේ කීවේ නැත.
ඈ අන්තිම හුස්ම හෙළුවේ ජුවන් ඇගේ අතින් අල්ලාගෙන ඔහුගේ කඳුලෙන් ඇගේ මුහුණ තෙමමින් සිටින විට හා මා ඇගේ කකුල් අතගාමින් සිටින විටය.
හේවිසි බෑන්ඩ් තූර්යනාදාදිය ඇතිව ජුවන් බැංකු පොතේ සල්ලි වලින් බාගෙකටත් වඩා වියදම් කර ඇගේ භූමදානය මහත් ගරු බුහුමනින් කරවා ඉතිරි මුදල් අම්මාට දී හිසත් බුගාවා ගෙන එදිනම පිටවී කොහේදෝ ගිය ගමන් හැරී ආවේ නැත.
වැඩු මහල් සොහොයුරියක්වත් නොකරන තරමට මට ආදරයෙන් සංග්‍රහ කළ ජේන්

 අක්කා නැතිව මාමාගේ ගෙදර ඉන්ට බැරි නිසා මමද අඬ අඬා ගෙදර යන්ට ගියෙමි.  අනේ! අපට වෙච්ච දෙයක්.

උපුටා ගැනීම - https://sithgathsahithyakalakruthi.blogspot.com/2018/05/blog-post.html

Wednesday, August 25, 2021

Colomob

Colombo (Sinhala: Colombo sinhala.jpg, pronounced [ˈkoləmbə]; Tamil: கொழும்பு) is the largest city and commercial capital of Sri Lanka. Located on the west coast of the island and adjacent to Sri Jayawardenepura Kotte, the administrative capital of Sri Lanka, Colombo is a busy and vibrant city with a mixture of modern and colonial buildings.

Due to its large harbor and its strategic position, Colombo has been a seaport for more than 2,000 years. However, it only became the capital of the nation after Sri Lanka was ceded to the British Empire in 1815. Its status as capital was retained when the nation became independent in 1948. In 1978, when administrative functions were moved to nearby Kotte, Colombo kept its position as Sri Lanka's commercial capital.

Sri Lanka is a strategic naval link between West Asia and Southeast Asia. It served as an important Allied base during World War II. After the nation gained independence from Britain in 1948, and several decades of stable democracy and economic progress, it became embroiled in

Friday, April 23, 2021

ලංකාවේ පළමු පුවත්පත මුද්‍රණය කළ ලංකෝපාකාර යන්ත්‍රාලය

 

ලංකාවේ පළමු පුවත්පත මුද්රණය කළ ලංකෝපාකාර යන්ත්රාලය

ලංකාවේ සිංහල බසින් පළමුවරට ප්රකාශයට පත් කෙරුණු පුවත්පත වන්නේ ලංකාලෝකය පුවත්පතයි. ක්රි. ව. 1860 ආරම්භ කරන ලද එම පුවත් පතේ ප්රකාශකයා වූයේ ඩබ්ලිව්. ඒ. ඊට්න් නමැත්තකු බව කලුකොඳයාවේ ප්රඥාසේකර මහ නාහිමියන්ගේ සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය කෘතියේ සඳහන්. 1860 ජූනි මාසයේ මුල්වරට ප්රකාශට පතත් කෙරුණු මෙම පුවත්පත ෆුල්ස්කැප් පිටුවක ප්රමාණයෙන් යුතු වූ බවද සඳහන්. මසකට දෙවරක් මුද්රණය වූ මෙම පුවත්පත ආර්ථික දුුෂ්කරතා හේතුවෙන් නවතා දැමුණු අතර 1886 යළි සතිපතා පුවත්පතක් ලෙස මුද්රණය කෙරුණු එය සෑම බදාදා දිනයකම නිකුත් කෙරුණා.
එහෙත් රාජ්ය ලේඛනාගාරයේ සඳහන් වන පරිදි ලංකාලෝකය පුවත්පතක් ලෙස ලියාපදිංචි කර නොතිබු බැවින් 1862 සැප්තැම්බර් මස එළිදක්වන ලද ලක්මිණිපහන පුවත්පත මෙරට ලියාපදිංචි පළමු සිංහල පුවත්පත ලෙස පිළිගැනෙනවා. මේ පුවත්පත් දෙකම ගාල්ල නගරය කේන්ද්රකර ගනිමින් බිහිවූ පුවත්පත්.
ලංකාලෝකය පුවත්පත දෙවැනිවර මුද්රණය කෙරුණේ ලංකෝපකාර යන්ත්රාලය නමැති මුද්රණාලයේ. ලංකාවේ ප්රථම සිංහල බෞද්ධ මුද්රණාලය ලෙස සැලකෙන එය ආරම්භ කිරීමෙහි ලා මූලිකත්වය ගෙන කටයුතු කර තිබුණේ බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස නාහිමියන් විසින්. එකල ක්රිස්තියානි ආගමිකයන් සහ බෞද්ධයන් අතර විවිධ වාද ඇතිවී තිබුණා. මේ කාලයේ පහසුකම් තිබුණේ ක්රිස්තියානි ආගමික පාර්ශවයන්ට පමණයි. එබැවින් ඔවුන් බෞද්ධාගමට එල්ල කරන විවේචනවලට පිළිතුරු දීමට ද, බෞද්ධයන් දැනුවත් කිරීමට ද ක්රමයක් තිබුණේ නැහැ.
බෞද්ධයන් සතුව මුද්රණාලයක් නොතිබි හෙයින් බෞද්ධාගමට එල්ලවුණු ප්රහාරවලට පිළිතුරු දීමට මඟක් නොතිබි බැවින් බෞද්ධයන් වෙනුවෙන් මුද්රණාලයක් පවත්වාගෙන යෑමේ අවශ්යතාව බුලත්ගම හිමියන්ට වැටහී තිබුණා. බෞද්ධයන් සඳහා මුද්රණාලයක් ආරම්භ කිරීම සඳහා උන්වහන්සේ දායකයන්ගෙන් සම්මාදම් මුදලක් එකතු කරන්නට පියවර ගත්තා. උන්වහන්සේ තමන් ආරම්භ කිරීමට අපේක්ෂිත මුද්රණාලය නම් කර තිබුණේ ලංකෝපකාර යන්ත්රාලය නමින්. සම්මාදම් මුදල එක් අයකුගෙන් පවුම් දහයක්. ඒ සඳහා පොරොන්දු පත්රයක්ද ලබා දීමට උන්වහන්සේ කටයුතු කළා. එහෙත් මුදල් දීමට පොරොන්දු දායකයන්ගෙන් දෙදෙනෙක් මුදල් දුන්නේ නැහැ. පස් දෙනෙක් ලබා දුන්නේ පවුම් 10ට වඩා අඩුවෙන්. ඉතිරි පසළොස් දෙනා පවුම් දහය බැගින් ලබා දුන්නා. මේ සියල්ලේ එකතුව වූයේ පවුම් 181ක්. එහෙත් එංගලන්තයෙන් මුද්රණ යන්ත්රයක් මිලදී ගැනීමට එම මුදල ප්රමාණවත් වූයේ නැහැ.
එකල සියම් දේශයේ (වත්මන් තායිලන්තයේ ) රජු වූ වරපරමේන්ද්ර මහමකුට සම්මත දේවවංශ වංගාතීස්වර (සිව්වැනි රාමා) රජතුමා බුලත්ගම හිමියන්ගේ මිතුරකු වුණා. උන්වහන්සේ තමන් මුහුණ පා සිටින ගැටලුව පිළිබඳව රජතුමාට දන්වා යැව්වා. උන්වහන්සේගේ අරමුණ පිළිබඳව බෙහෙවින් සතුටට පත් සියම් රජතුමා ලංකෝපකාර යන්ත්රාලය ආරම්භ කිරීම සඳහා අවශ්ය මුද්රණ යන්ත්රය ලබා ගැනීමට කුරුම් දහසක මුදලක් උන්වහන්සේට පරිත්යාග කළා. එය එකල ලංකාවේ භාවිත වූ එංගලන්ත මුදලින් පවුම් 212කුත් සිලිම් 10ක්. එම මුදලින් 1862දී එංගලන්තයෙන් කොළොම්බියන් නමැති මුද්රණ යන්ත්රය මිලදී ගැනීමට උන්වහන්සේට හැකි වුණා. මුද්රණාලය මුලින්ම පවත්වාගෙන ගියේ ගාල්ලේ කුඩා නිවෙසකයි. ඒ ගාල්ල කොටුවේ, චර්ච් වීදියේ අංක 02 දරන ස්ථානයේ. පසුව ගාල්ලේ දංගෙදර වීදියේ අංක 369 දරන ස්ථානයට ගෙන ගියා.
එවක සිංහල බෞද්ධ පොත්පත් මුද්රණය කිරීමට අන්යාගමික මුද්රණාල ඉදිරිපත් නොවූ බැවින් බෞද්ධ පොත්පත් බොහෝ විට අතින් ලියා බෙදාහැර තිබුණා. එහෙයින් ලංකෝපකාර මුද්රණාලය සුදර්ශන සඟරාව, ආගම් පරික්ෂාව, සුමති සංග්රහය, බද්දේගම වාදය, සිදත් සඟරාව වැනි සඟරා සහ පොත් එහි මුද්රණය කළා. එම මුද්රණාලයේ එකල මුද්රණය කළ පොත් හා සඟරා සංඛ්යාව 39,865ක් යැයි සඳහන්. ඒ හැර බෞද්ධාගම සම්බන්ධ ලේඛන දහස් ගණනක් සහ පුවත්පත්ද වනවා.
මෙම මුද්රණ යන්ත්රය 1912දී බුලත්ගම හිමියන් විසින් කතළුව, රුවන්වැල්ල පුරාණ මහා විහාරස්ථානයට රැගෙන ලැබුවා. පසු කාලීනව එම මුද්රණ යන්ත්රය භාවිත නොකළද එම විහාරස්ථානයේ එය සුරැකිව තිබුණා. 2012 නොවැම්බර් 19 වැනි ඇතිවූ ගින්නකින් එම යන්ත්රය හා එහි තිබූ ලීයෙන් තනන ලද පැරණි අකුරු සියල්ල ද විනාශ වුණා. ඓතිහාසික අගයකින් යුතු මෙම මුද්රණ යන්ත්රය විනාශ වී වසර 9ක් ගතවුවද එය ප්රතිසංස්කරණය කිරීමට කිසිදු බලධාරියකුගේ ඇස යොමු වූයේ නැහැ. පසුව වත්මන් විහාරාධිපති මාරකොල්ලියේ විමලජෝති හිමියන් මෙය ප්රතිසංස්කරණය කිරීමට වෙහෙස දැරුවා. එහෙත් ඒ සඳහා අවශ්ය බරපැන සහ පැරණි යන්ත්රය අලුත්වැඩියා කළ හැකි ශිල්ප ඥානය සොයා ගැනීමට අසීරු වුණා. පසුව උන්වහන්සේ තායිලන්ත තානාපතිවරයා හමුවී මුද්රණ යන්ත්රයට අත්ව ඇති ඉරණම පිළිබඳව කරුණු පැහැදිලි කිරිමෙන් පසු එය ප්රතිසංස්කරණය කිරිමට තායිලන්ත රජය ඉදිරිපත් වුණා. සම්පූර්ණයෙන්ම තායිලන්ත රජයේ වියදමින් එම යන්ත්රය ප්රතිසංස්කරණය කර වත්මන් තායිලන්ත තානාපතිනි චූලමනි චට්සුආන් මහත්මිය අතින් එය 2021 ජනවාරි මාසයේ විවෘත කෙරුණා. අනාගත පරපුරට අපේ මුද්රණ ඉතිහාසය පිළිබඳ සිහිවටනයක් ලෙස දැකගැනීමට දැන් එය විශේෂ කුටියක තැන්පත් කර තිබෙනවා.
ප්රියන්ජන් සුරේෂ් ද සිල්වා