Monday, December 24, 2018

සිංහල සඟරාවේ ඉතිහාස කතාව

සිංහල සඟරාවේ ඉතිහාස කතාව






1737 ඉතා ප්‍රාථමික මට්ටමේ තිබු මේ ලන්දේසි මුද්‍රණාලය 1796 මුහුදු බඩප්‍රදේශ ලන්දේසින්ගෙන් ඉංග්‍රිසීන් අතට පත්වීමෙන් පසු මුද්‍රණාලයද ඉංග්‍රීසීන් සතුවිය.
ප්‍රථම සිංහල සඟරාව මාසික තෑග්ග 1832
ඔවුන් එය දියුණු කොට 1802 දී රජයේ ගැසට් පත්‍රය එහි මුද්‍රණය කොට තිබේ. මේ ගැසට් පත්‍රය මුද්‍රණය කොට ඇත්තේ ඉංග්‍රීසි භාෂාවෙනි.
ඉංග්‍රීසි පාලන සමයේ දී මුද්‍රණය වූ මුල්ම සිංහල සඟරාව ලෙස සැලකෙන්නේ මාසික තෑග්ග නම් පිටු අටකින් යුත් 1832 මුද්‍රණය කොට ඇති සඟරාවකි. මෙය මුද්‍රණය කර ඇත්තේ සිංහල භාෂාවෙන් මුද්‍රිත 1737, යාඥා හෑල්ල මුද්‍රණය වී වසර 100කට ආසන්න කාලයකට පසුවයි. මේ මාසික තෑග්ග සඟරාව 1832 දී කෝට්ටේ දී පළකර ඇත. මෙහි ඇත්තේ මිෂනාරි පාසල්වල ළමයින්ට බයිබල් කතා බව කලු කොඳයාවේ ප්‍රඥාශේඛර හිමියන් සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය පොතේ සඳහන් කරයි.
මෙහි පිටපතක් දැනට කොළඹ ලේඛනාගාරයෙන් හෝ කොළඹ ජාතික කෞතුකාගාරය අනුබද්ධ පුස්තකාලයෙන් සොයා ගැනීමට නොමැත.
“දෙවන සිංහල සඟරාව ලංකා නිධානය 1840”
ලංකාවේ පළවූ දෙවැනි සිංහල සඟරාව ලෙස සැලකෙන්නේ ලංකා නිධානය සඟරාවයි මේ සඟරාව 1840 දී රොබට් ස්පැන්ස් හාඩ් මහතාගේ සංස්කාරකත්වයෙන් මුද්‍රණය කොට ඇත. මෙහි පිටපත් එංගලන්ත ලන්ඩන් නුවර කෞතුකාගාරය අනුබද්ධ පුස්තකාලයේ සුරැකිව තිබෙන බව කලු කොඳයාවේ ප්‍රඥාශේඛර හිමියන් සඳහන් කරයි.
මෙය ක්‍රිස්තු භක්තිකයන්ගේ සඟරාවකි. මෙහි පිටපත් ලබා ගත හැකි ස්ථාන ලෙස දක්වා ඇත්තේ
“මහනුවරදී වික්‍රමසේකර මුදියන්සේ මහත්මයාගෙන් සහ ජෝන් මාර්ඩොක් මහත්මයාගෙන්ය” මාතරදී කොරයා පාදිලි උන්නාන්සේගෙන්ය”
එහි අඩංගු ලිපි හඳුන්වා ඇත්තේ අඩංගු කාරණාවල් යනුවෙනි. තැබෑරුම් ගැනය.
මනුෂ්‍යයින්ගේ කෑම ගැනය
දුංකරත්ත යන මාර්ග ගැනය
උරගල සඟරාවේ දුර්ලභ ඡායාරූපයක්
ඒ වකවානුව වන විට ශ්‍රී ලංකාවට දුම්රිය හඳුන්වා දී නොතිබුණි.
‘තුන්වන සිංහල සඟරාව උරගල 1842’
තුන්වන සඟරාව ලෙස සැලකෙන්නේ 1842 වසරේදී මහනුවර බැප්ටිස්ට් සමාගමේ ජේ. හැරිස් දේව ගැති තුමාගේ සංස්කාරකත්වයෙන් පළකරන ලද උරගල සඟරාවයි. මුලදි කලාප 9ක් නිකුත් කොට ඇත. පසුව 1860 දී එය ප්‍රකාශ කිරීම නැවත ආරම්භකර ඇත. මේ සඟරාවේ පිටපත් සුරක්ෂිතව කොළඹ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ඇත.
උරගල සගරාවේ පිටුවක්
විශේෂ ස්තුතිය දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත් මහතාට ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂිකා සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය කෞතුකාගාර පුස්තකාලාධිපතිනි ජී. එස්. චූලනි අධ්‍යාපන ප්‍රවර්ධන නිලධාරි ප්‍රදීප් ලංකා සහ මාතර කුමාරතුංග පුස්තකාලයේ කාර්ය මණ්ඩලයට
නන්දික බැද්දේගම
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
දිනමිණ පුවත් පත වෙනුවෙන් විශේෂයෙන් සකසන ලද ලිපි

No comments:

Post a Comment