Friday, December 21, 2018

සුප‍්‍රකට කොළඹ කොඩි ගස

 සුප‍්‍රකට කොඩි ග


 කොළොම්පුරයේ සුප‍්‍රසිද්ධ ගස් දෙකක් තියේනවා හැබැයි කොල මල් දළුලන්නේ නැති. එකක් තියෙන්නේ වැලිකඩ සිරගෙදර. ඒ තමයි එල්ලූම් ගහ. අනික තමයි කොළඹ කොටුවේ කොඩිගහ. 



එ්කාලේ කොළොම්පුරේ හිටිය සමහර චන්ඩිත් ලොකුවට කිව්වේ "අඩෝ මම කොඩි ගහ යට ඉපදිච්ච එකෙක්" කියලා. එහෙම නම් මුලින්ම කොළොම්පුරේ ගනන්කාර චන්ඩි උපන්න කොඩිගහ ගැන කතා කරලා ඉමු. කරුණාරත්න අබේසේකර මහතා ලියුව  පි.ඒල්.ඒ සෝමපාල මහතා සංගීතවත් කරපු අපේ රටේ අසාහය ගායකයන් වු එච්.ආර් ජෝතිපාල මහතා හා ඇම්.එස්. ප‍්‍රනාන්දු මහතා ගැයුව හතර දෙනාම සූරයෝ චිත්තරපටියේ  කොඩිගහ යට මම උපන්නේ සිංදුවෙත් කොළොම්පුරයේ කොඩිගහ ගැන කියවෙනවා. 



ඇත්තටම කොඩිගහයට උපන් උන් හිටියාද කියලා ඉතිහාසයේ කොහේවත් ලියවිලා නෑ. කොඩිගහ කොළොම්පුරේ හිටවන්නේ පෘතුගිසින් තමයි. එදා කොඩි ගහ තිබිලා තියෙන්නේ රජගෙදර හා මුහුද අතර ප‍්‍රදේශයේ ගල්බොක්ක කියලා හැදින්වුන මුහුද අද්දරටවෙන්න 1505 දි ලංකාවට ගොඩබැස්ස පෘතුගිසින්ගේ බලකොටුව මධ්‍යයේයි. පරංගින් කොළොම්පුරේ බලකොටුවක් පිහිටුවාගත්තාට පස්සේ එයාලා තේරුම්ගන්නවා මේ කොළොම්පුරයේ නැව්තොට තමන්ගේ නාවික කටයුතු හා බලය තහවුරුකරගන්නට විශාල වශයෙන් උවමනාවෙනවා කියලා. එ් නිසාම ඈත මුහුදේ සිටම කොළොම්පුරයේ නැව්තොට හඳුනාගන්නට යොදාගන්න උපක‍්‍රමයක් විදිහට කොඩිගහ තමන්ගේ බලකොටුව මැද ඉදිකරන්නේ. තමන්ගේ නාවික යාත‍්‍රාවල් වලට දර්ශනය වන්නට දහවල් කාලයේදි පෘතුගිසින්ගේ කොඩිය එල්වා තබන්නටත් රාත‍්‍රියේ දි ගෑස් ලාම්පුවක් දල්වා තබන්නටත් මේ කොඩිගහ යොදාගත්තා.

 වානේ ලෝහයෙන් සකසා ඇති මෙය පහල සිට ඉහලට යත්ම සිහින් වන පරිදි ටෙලිස්කොපික් එරියල් ක‍්‍රමයටත් කොටස් හතරකට ගලවාදමන්නටත් හැකිවන අයුරින් නිර්මාණය කර තිබෙනවා. මෙහි බර ටොන් අටක් පමණ වන අතර අඩි 80ක් උසයි. 1946 අවුරුද්ද වෙනතෙක් මේ කොඩිගහේ ගෑස් ලාම්පු එළි දැල්වුනා කියලා කියනවා. 

කොළොම්පුරේ නැව්තොට අඳුනාගන්නට පෘතුගිසින් තමන්ගේ බලකොටුවේ මැද සවිකරපු අවුරුදු 500ක් පුරා එහි තිබුන මේ කොඩිගහ 1988 අවුරුද්දේ සැප්තැම්බර් 03 වෙනිදා වරාය අධිකාරියේ දොඹකර යොදාගෙන ගලවා දැම්මා. ඊට පස්සේ මේ කොඩිගහ බි‍්‍රස්ටල් විදියේ ෙටෙම්ස් පත්තර කන්තෝරුව අසළට ගෙනගොස් සවිකරලා තියේනවා.  තවත් ටික කාලයක් කොළඹ කොටුවේ බි‍්‍රස්ටල් විදියේ තිබුන මේ ඓතිහාසික ස්මාරක කුළුණ අලූත්කඬේ  නව උසාවි සංකීර්ණය පිහිටුවද්දි එතැනට අරන් ගිහිල්ලා සවිකලා කියනවා. මිහිඳු මාවත කෙළවර කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ නව ගොඩනැගිල්ල ඉදිරිපිට වටරවුමේ අයිනකට වෙන්නට සවිකරලා තියෙන මේ කොඩිගහ කාගෙවත් ඇස ගැටෙන්නේ නැති තරම්.  

උපුටා ගැනීම - https://kolompure.blogspot.com

No comments:

Post a Comment