Tuesday, March 24, 2020

ඩිජිටල් කියවීම

smartphone එකක් නැති කෙනෙක් හොයන එක නොමළ ගෙදරකින් අබ හොයනවා වගේ අමාරු වැඩක්
ස්මාට් ෆෝන් එකකින් ගොඩක් වැඩ කරගන්න පුළුවන් අතරේ ෆෝන් එකකින් කියවන්න පුළුවන් එකක් ගොඩක් වටින වැඩක්
ගෙදර ඉන්න මේ දවස් වල එහෙම ෆෝන් එකකින් කියවන්න පුළුවන් ඇප් ටිකක් තමයි මේ සමග ඉදිරිපත් කරලා තියෙන්නේ
මේවා මම පෞද්ගලිකව පරිහරණය කරලා නෑ ඒත් ඔයාලට පුලුවන් මේක ඩව්න්ලෝඩ් කරලා වැඩ කරන්නේ කොහොමද කියලා ඔයාලගේ අත්දැකීම් අනික් අයත් එක්ක බෙදාගන්න ඒක corona නිරෝධායන සමයේ ගෙදරට වෙලා ඉන්න අයට ගොඩක් වැදගත් වේවි
 සඟරා ලිපි කියවන්න කැමති අයට මෙතන තියනව ඇප් එකක් Magzter කියල මේකේ වෙබ් සයිට් එක තමයි

Search Results

Web result with site links

                                  මේකේ ජත්‍යන්තර වගේම ලංකාවේ සඟරා ඇතුලත්ව සඟරා 13000 කට අධික ප්‍රමාණයක් තියනව. ඇත්තටම හොදයි. නමුත් ප්‍රශ්ණයක් තියෙන්නේ මේක නොමිලේ දෙන සේවාවන් නෙමෙයි. මම අද බලනකොට දැක්කේ වාර්ශික සාමාජිකත්වය රුපියල් 10000 කට ආසන්නයි. පුස්තකාලයකට ගන්නවනම් තවත් මිල වැඩියි. එතෙන්දි ඒ ගොල්ලො බලනව පාවිච්චි කරන පාඨක ප්‍රමාණයයි භාවිතා කරන පරිගණක ප්‍රමාණයයි.
කොහොම උනත් සතියක කාලයක් ඔයගොල්ලන්ට නොම්ලේ පාවිච්චි කරල බලන්න පුළුවන්. ගෙදරට වෙලා ඉන්න කාලේ ඒකත් වැදගත් වේවි කියල හිතෙනව
සල්ලි තියෙන ආයතනයකට මේක අරගෙන සඟරා ලිපි අනෙකුත් පුස්තකාග එක්ක බෙදා ගන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්නම් ඒක හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වේවි

www.magzter.com







No comments:

Post a Comment